කොවිඩ් 19 සහ නිසි බලධාරියාගේ බලය

මෙම ලිපි පලකරන්නේ කිසිවකුගේ මතයක් සනාථ කිරීමට හෝ මතයක් විවේචනය කිරීමේ අරමුණ සහිතව නොවන බව සඳහන් කළ යුතු ය. වර්තමාන නීති ක්ෂේත්‍රය තුළ සාකච්ඡා වන මාතෘකාවක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කිරීම පමණක් මෙහිදී අරමුණු කර සිටිමු. එසේ නොමැතිව කිසිඳු පුද්ගලයකුට හෝ පුද්ගලික කොට්ඨාශයකට හෝ අපහසුවක් ඇති කිරීමට නැත්නම් දරණ මතයක් සඳහා පහර ගැසීමට හෝ සහාය දැක්වීම කිසිසේත් ම අරමුණු කර නැත. වර්තමානයේ ලංකාව මුහුණ දී සිටින වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට රජය ගෙන යනු ලබන වැඩ පිළිවෙල සමඟ සම්බන්ධව ඊට සහාය දී ආරක්ෂාවීමට ආරාධනා කරමින් ම ලිපි පරිශීලනය කරන ලෙසින් කාරුණිකව ඉල්ලා සිටිමු.

කොවිඩ් 19 නැත්නම් කොරෝනා වෛරසය ලංකාව ද ආක්‍රමණය කළ අතර ලංකාව යම් කාලයකට අකර්මන්‍ය කිරීමට පවා සමත් විය. කෙසේවෙතත් මේ වෙද්දී ලංකාවේ රජය ඉතා සතුටුදායක ලෙසින් එම වෛරසය පාලනය කිරීමට සමත්ව තිබේ. එය අගය කළ යුතු ය. මේ වෛරසය තුළින් නීති ක්ෂේත්‍රය තුළට ද බලපෑමක් ඇති වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පූර්ණ ලෙසින් යම් කාලයකට අඩාල කිරීමට තරම් කොරෝනා බලවත් විය. ඒ අතරේ නීතිමය කරුණු පිළිබඳව ද සංවාද සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද ඇති විනි. ‘ඇඳිරිනීතිය‘ ඒ අනුව ප්‍රධාන මාතෘකාවක් විය. ඊට අමතරව තාක්ෂණය අධිකරණයේ කාර්යය සඳහා යොදා ගැනීමට උත්සුකවීම ද ජනප්‍රිය මාතෘකාවක් විනි.

නඩු ඇසීම සඳහා තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් වන විට වීඩියෝ මාධ්‍යය භාවිතා කිරීම පිළිබඳව ඇති වූ සාකච්ඡාව ඉතා පුළුල් ය. පසුගිය කාලයේ රිමාන්ඩ්ගත රැඳවියන් නිරීක්ෂණය කිරීම ස්කයිප්, වට්ස්ඇප් ආදී නව මාධ්‍ය ඔස්සේ සිදු වූ ආකාරය දක්නට ලැබිණි. එය ස්ථිර නීතිමය තත්ත්වයක් දක්වා විකාශනය කිරීමට මේ වන විට නීතීඥවරුන් මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ ද අවධානය යොමු ව ඇත.

උක්ත කරුණට අමතරව වඩාත් ජනප්‍රිය මාතෘකාව වූයේ ‘ඇඳිරිනීතිය‘ යි. මේ වන විට එය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා රජය වෛරසය පාලනය කිරීමට සමත්ව ඇති නිසාවෙනි. මේ ගැන ආපසු හැරී බැලීමේ අවශ්‍යතාවක් ද නැත. නමුත් දැන් තත්ත්වය සමනය වී ඇති නිසා ඒ පිළිබඳව කෙටි අවධානයක් යොමු කිරීමට බාධාවක් නොමැත.

ලංකාවේ නෛතිකමය වශයෙන් ඇඳිරිනීතිය පැනවිය හැකි ප්‍රතිපාදනය මහජන ආරක්ෂණ ආඥාපනතේ දක්වා තිබේ. ඒ අනුව ඇඳිරිනීතිය යන වචනම එහි යොදා ගෙන ඇත. එම ආඥාපනත ඔස්සේ ඇඳිරිනීතිය ප්‍රකාශ කරන්නේ අතිගරු ජනාධිපතිතුමා විසිනි. ඒ පිළිබඳව ආඥාපනතේ 16 වන වගන්තියේ සඳහන් වේ. නමුත් ලංකාවේ දී වර්තමානයේ එයාකාරයේ ඇඳිරිනීතිය පැනවීමක් සිදුව නැත. ඒ අනුව ලංකාවේ ඇඳිරිනීතිය යැයි නෛතිකමය පාඨයකින් සැලකිය හැකි ඇඳිරිනීතියක් මේ වන විට ක්‍රියාත්මක නොවන බව සඳහන් කළ හැක.

කෙසේවෙතත් ඇඳිරිනීතිය යන්න තුළින් අදහස් කරන්නේ සරලව ගත්විට නිදහසේ ගම, රට පුරා සංචාරය කිරීමට පුරවැසියන්ට ඇති හැකියාව සීමා කිරීම ය. තවත් සීමාවන් ඒ තුළින් සිදු වේ. කඩ සාප්පු වසා දැමීම, මහජනයා ගැවසෙන ස්ථාන වසා දැමීම, මහජනයාගේ නිදහස යම් ආකාරයකට සීමා වීම ආදිය ඒ තුළ ඇත. මේ පිළිබඳව සරල සහ කාටත් වැටහෙන නිදසුනකි කලකට ඉහත තිබූ බවට සැලකෙන ඔබ අසා ඇති, ‘ජවිපෙ ඇඳිරිනීතිය‘.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පුරවැසියන්ට රට තුළ නිදහසේ ගමන්කිරීමට, සමාගමයේ යෙදීමට ඇති අයිතිය නීත්‍යනුකූලව මූලික අයිතිවාසිකමක් ලෙසින් පිළිගෙන තිබේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවෙනි. අනෙක් අතට එකී 14 වන ව්‍යවස්ථාවට ඇති සීමා 15 වන ව්‍යවස්ථාවේ දී දක්වා තිබේ. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, සෞඛ්‍ය වෙනුවෙන් ඒ අනුව මෙකී අයිතිවාසිකම් සීමා කල හැක. ඒ බවද සැලකිල්ලට ගත යුතු වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව මහජන ආරක්ෂක ආඥාපනතේ රෙගුලාසි අනුව 14 වන ව්‍යවස්ථාව සීමා කළ හැකි බවට හබයක් නැත. නමුත් වෙනත් නීතියකින් එය සිදුකිරීම හේතුවෙන් කොරෝනා වෛරසය සමයේ දී ඒ සම්බන්ධව හබයක් ඇති විනි.

මෑත දී ප්‍රධාන වශයෙන් ඇඳිරිනීතිය ප්‍රකාශ කිරීම ආයතන දෙකකින් සිදු කරනු ලබයි. ඒ ජනාධිපති මාධ්‍ය අංශය විසින් සහ වැඩබලන පොලිස්පති විසිනි. ජනාධිපතිවරයා විසින් පෙර කී 16 වන වගන්තිය අනුව ඇඳිරිනීතිය ප්‍රකාශ කර නොමැති අවස්ථාවකදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඇඳිරිනීතිය ප්‍රකාශ කිරීම පිළිබඳව අප සාකච්ඡා කළ යුතු නොමැත.

වැඩබලන පොලිස්පති විසින් ද ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන්නේ ය. පොලිස් ආඥාපනත මඟින් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට බලය නොලැබේ. එසේනම් ඔහු මෙය සිදු කරන්නේ කෙසේදැයි විමසිය යුතු ය.

1897 අංක 3 දරණ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත මෙහිදී සැලකිල්ලට ගත යුතු වේ. මේ ආඥාපනත මඟින් ඇමතිවරයාට ආඥාපනතේ 2 වන වගන්තියෙන් ලංකාව තුළට ඕනෑම රෝගයක් පැමිණීම වැළැක්වීම සඳහා මෙන්ම ලංකාව තුළ සහ ලංකාවෙන් පිටත ඕනෑම රෝගයක් පැතිරීම වැළැක්වීම සඳහා කලින් කලට රෙගුලාසි පැනවීමට බලය ලබා දී තිබේ. ඒ රෙගුලාසි සකස් කළ හැකි විෂයපථයන් පිළිබඳව ආඥාපනතේ 3 වන වගන්තියෙන් විස්තර කර තිබේ. 3 වන වගන්තියේ විස්තර කර ඇති විෂයයන් පාඨකයන් කියවිය යුතු නිසා පහතින් උපුටා දක්වා ඇත. ඒ එකදු විෂයයකවත් මහජනතාවගේ ගමනාගමනය වැළැක්වීමට ඇති ප්‍රතිපාදනයක් පිළිබඳව සටහනක් නොමැති බව ඔබට පෙනී යනු ඇත. එසේ නොවේදැයි හොඳින් කියවා බැලීමට පාඨකයන්ට ආරාධනා කර සිටිමු.

(a) for placing aircraft, vessels and boats arriving at any port or place in Sri Lanka in quarantine, for the manner of disinfecting the same, and for the imposing and prescribing the method of recovery of any charges, which may be incurred by Government in carrying out such operations;

(b) for placing persons or goods coming or brought in such aircraft, vessels or boats in quarantine, for the manner of disinfecting or fumigating such goods, for the imposition of fees or charges for carrying out such operations and for the method of recovering such fees or charges;

(c) for prohibiting or regulating the landing of persons or goods from aircraft, vessels or boats either absolutely or conditionally;

(d) for establishing and maintaining quarantine stations, and for regulating the management of the same, and for the charging, imposing, and recovering of fees for the use and occupation of such stations, and for the cost of maintenance of the persons occupying the same;

(e) for inspecting aircraft, vessels and boats leaving or arriving at any port or place in Sri Lanka, and for the detention thereof or of any person intending to sail therein, as may be necessary;

(f) for inspecting persons travelling by railway or otherwise, and for segregating in hospitals or otherwise persons diseased ;

(g) for isolating all cases of disease and diseased persons;

(h) for closing wells, pits, cesspits, and cesspools;

(i) for prescribing the mode of burial or cremation of any person dying of disease;

(j) for regulating the number of persons to be allowed to inhabit any dwelling place;

(k) for the removal from infected localities to places of observation or other places of persons found in such localities;

(l) for the removal of diseased persons to hospitals or other places for medical treatment, and for their detention until they can be discharged with safety to the public;

(m) for the cleansing and disinfecting of drains, sewers, cesspits, and of houses, buildings, rooms, and other places which have been occupied by any diseased person, or which are otherwise in an unsanitary condition, and, if expedient, for destroying the same, with or without compensation as may be deemed expedient;

for the disinfecting and, if expedient, destroying, with or without compensation as may be deemed expedient, goods which have been in contact with any diseased person, or which may be deemed capable of spreading disease;

(o) for prescribing and regulating the seizure, detention, and destruction or disposal of any goods landed or otherwise dealt with in contravention of any regulation made under this Ordinance, and for proceeding- and regulating the liability of the owner, or consignor or consignee or importer of the goods, for the expenses connected with the seizure, detention, and destruction or disposal thereof;

(p) for prescribing the reporting to such officer or officers as may be named in the regulations, by medical practitioners and persons professing to treat diseases, of cases of disease treated by them;

(q) for prescribing the reporting by the householder or occupier of any house or premises to such officer or officers as may be named in the regulations of any case of serious illness occurring in any such house or premises ; and the visiting and inspecting of such case by such officer or officers;

(r) for the appointment of inspectors and other officers to carry out the provisions of this Ordinance or of any regulations made thereunder, and for regulating their duties and conduct, and for investing them with all powers necessary for the due execution of their duties;

(s) for prescribing the publication of any regulations made under this Ordinance, and for prescribing and regulating the form and mode of service or delivery of notices and other documents.

කෙසේවෙතත් ආඥාපනතේ 3 වන වගන්තියේ අතුරු විධානය කියන්නේ 3 වන වගන්තියෙන් 2 වන වගන්තිය මඟින් ඇමතිවරයාට පවරා ඇති බලයන් සීමා නොවන බවත් සීමා වන ලෙසින් අරුත් ගැන්වීමද නොකළ යුතු බවත් ය. කෙසේවෙතත් ඒ හා සමාන වන්නේ ද නො වන්නේ ද යන්න නොතකා ආඥාපනතේ අරමුණු ඉටු කරලීමට පුළුල්ව යොදා ගත හැකි බවත් ය.

දැන් අප ඔබ කැඳවාගෙන යන්නේ එක්තරා ලතින් ආප්තයකට ය. එය මෙසේයි.

delegatus non potest delegare

මෙම ආප්තයේ සාමාන්‍ය තේරුම වන්නේ වෙනත් අයකු වෙනුවෙන් ක්‍රියාකිරීමට යම් බලයක්, අධිකාරියක් ලැබී ඇත්තකුට ප්‍රකාශිතව අවසර ලබා නොදුනහොත් හැර ඒ බලය, අධිකාරිය අභිනියෝජනය කළ නොහැකි බවයි. උදාහරණයකට ඔබගේ නිවස සෑදීමට බාර දුන් කොන්ත්‍රාත්කරුට ඔබ අවසර දුන්නොත් මිස එය වෙනත් තෙවන පාර්ශ්වයකට පැවරිය නොහැක. ප්‍රකාශිතව අවසරය ලැබී නොමැති විටක මෙවැනි ක්‍රියාවක් කළහොත් එය බලය අතික්‍රමණය කරමින් කළ ක්‍රියාවක් ලෙසින් සැලකේ.

පෙර කී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත වෙත අප යොමු වෙමු. එහි 2 වන වගන්තියෙන් ව්‍යවස්ථාදායකය විසින් ඇමතිවරයාට පවරා ඇති බලය පිළිබඳව අප පෙර දී සඳහන් කර ඇත. ඇමතිවරයා ලංකාව තුළ හෝ ලංකාව තුළට හෝ ලංකාවෙන් පිටතට ඕනෑම රෝගයක් පැතිරීම, පැමිණීම වැළැක්වීමට කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඔහුට රෙගුලාසි පැනවිය හැකි අතර ඒ රෙගුලාසි පැනවිය හැකි විෂයයන් පිළිබඳව මගපෙන්වීම ආඥාපනතේ 3 වන වගන්තියෙන් සිදුකර තිබේ. ඒ 3 වන වගන්තියේ ඇත්තේ ව්‍යවස්ථාදායකය බලාපොරොත්තුවන දේ මිස ඇමතිවරයා බලාපොරොත්තුවන දේ නොවන බව මෙහිදී සඳහන් කළ යුතු ය. කෙසේවෙතත් ඇමතිවරයාටත් ඒ සඳහා මැදිහත්වීමට ඇති බලය ආඥාපනතේ 3 වන වගන්තියේ (2) වන උපවගන්තියෙන් ලබා දී තිබේ. ඒ ආඥාපනතේ අරමුණ ඉටු කරවාලීම සඳහා පමණි.

නැවතත් පෙර කී delegatus non potest delegare ආප්තයට යොමු වෙමු. ඒ අනුව ව්‍යවස්ථාදායකය විසින් ප්‍රකාශිතවම ආඥාපනතේ අරමුණු ඉටු කරලීම සඳහා ඇමතිවරයාට ලබා දී ඇති බලය අභිනියෝජනය කිරීමේ අවස්ථාවද ලබා දී ඇත. එය ආඥාපනතේ 11 වන වගන්තියේ දැක් වේ. එම වගන්තිය මෙසේ යි.

The Minister may delegate the enforcement and execution of any regulation made under this Ordinance to any Municipal or local authority subject to such restrictions as the Minister may, from time to time, think fit to impose.

මේ අනුව අමාත්‍යවරයාට ආඥාපනත යටතේ සකස් කරනු ලැබූ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම සඳහා පළාත් පාලන ආයතනයකට අභිනියෝජනය කළ හැක. ඒ සඳහා කලින් කලට අවශ්‍ය සීමා පැනවීමට ද හැකියාව ඇත. දැන් මෙයද ව්‍යවස්ථාදායකයේ අරමුණ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ආඥාපනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ඇමතිවරයා කලින් කල රෙගුලාසි පනවා ගැසට් කර ඇති අතර ඒවා සංශෝධනය ද වී ඇත. මේවා බොහොමයක් ඇත්තේ ඉංග්‍රීසියෙන් නිසා මහජනයාට කියවා තේරුම් ගැනීමට ඇති අවස්ථාව අල්ප ය. එය එසේ වත්වාවේ. වර්තමානය වන විට බලාත්මකව ඇති මේ රෙගුලාසි ප්‍රකාරව ‘නිසි බලධරයා‘ ලෙසින් ‘සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා‘ මුළු දිවයිනටම බලපාන පරිදි නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥාපනත ක්‍රියාත්මක කිරීම සඳහා පත් කරනු ලැබ තිබේ.

අවාසනාවට මීළඟට අප උපුටා දක්වන ප්‍රතිපාදනය ඇත්තේ ද ඉංග්‍රීසියෙනි. එය තේරුම් ගැනීම පාඨක ඔබට බාරය.

“Quarantine means the inspection, examination, exclusion, detention, observation, surveillance, segregation, isolation, protection, treatment, inoculation, vaccination, sanitary regulation, disinfection and disinfection of persons, animals, vessels and goods and any other measures necessary for the Prevention of spread of quarantinable disease in to or from Ceylon”

රෙගුලාසිවලට අදාළව නිරෝධායනය යන්නේ අර්ථය ඉහත පරිදි වේ. නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥාපනතේ දී නිරෝධායනය යන පාඨයේ අර්ථය ලබා දී නැත. මෙනිසා නිරෝධායනය යන්නෙහි අර්ථය තේරුම් ගැනීම සඳහා අදාළ වන මූලාශ්‍රය වන්නේ මෙයයි. එහි කොමා මගින් වෙන් කර දක්වන පාඨ කීපයක් ම වේ. ඒවා පහතින් ඔබගේ පහසුව සඳහා උපුටා දක්වා තිබේ.

inspection,

examination,

exclusion,

detention,

observation,

surveillance,

segregation,

isolation,

protection,

treatment,

inoculation,

vaccination,

sanitary regulation,

disinfection and disinfection of persons, animals, vessels and goods

මීට අමතරව තවත් වැදගත් කොටසක් එහි ඇතුළත් වේ. එය නම්,

any other measures necessary for the Prevention of spread of quarantinable disease in to or from Ceylon

යන්නයි. පුද්ගලයන්ගේ සංචරණය සඳහා මැදිහත්වීමට නිරෝධායනයේ අර්ථයෙන් අවසරය ලැබෙන්නේ මේ කොටස තුළිනි. නමුත් දැනට අපට එය සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නැත.

නැවතත් අප ආපසු delegatus non potest delegare ආප්තයට ම යොමු වෙමු. ඉහත කී ආකාරයට ආඥාපනතේ 3 වන වගන්තිය යටතේ සකස් කරන රෙගුලාසි බලාත්මක කිරීමේ බලය පළාත් පාලන ආයතනවලට අභිනියෝජනය කිරීමේ බලය ප්‍රකාශිතව 11 වන වගන්තියෙන් ඇමතිවරයාට ලබා දෙන බව පැහැදිලිය. එසේම ආඥාපනතේ අරමුණු ඉටු කරවාලීම සඳහා රෙගුලාසි සැදීමේ බලයත් ඇමතිවරයාට ලබා දෙන බව පැහැදිලි ය. ඒ අනුව ඇමතිවරයා විසින් රෙගුලාසි සාදා ඇති බවත් පැහැදිලි ය. ඒවා ගැසට් කර ඇති බවත් පැහැදිලි ය. ඒ රෙගුලාසි අනුව නිසි බලධාරියා ලෙසින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පත් කර ඇති බවද පැහැදිලි ය. රෙගුලාසි අනුව නිසි බලධාරියාට පුළුල් බලයක් ලබා දී ඇති බවද පැහැදිලි ය.

නිසි බලධාරියාට මේ බලය නැවත අභිනියෝජනය කළ හැකි ද?

එසේ ය. 1925.08.28 දිනැති අංක 7481 දරන ගැසට් පත්‍රයෙහි පළ කරන ලද රෙගුලාසි මාලාවෙහි ඇතුළත් 37 වන රෙගුලාසිය ඒ සඳහා බලය ලබා දී තිබේ. එම රෙගුලාසිය පහත පරිදි ය.

Delegation of Power – The Powers Conferred by the regulations contained herein on the proper authority, may be exercised by such persons as the said proper authority may authorize in writing in that behalf.

දැන් මෙහි ඇත්තේ ද බලය අභිනියෝජනය කිරීමකි. නමුත් ආඥාපනතෙන් නිසි බලධාරියාට ඇති බලය ඉහත ලෙසින් අභිනියෝජනය කිරීමට ව්‍යවස්ථාදායකය අවසර දෙන්නේ නැත. ආඥාපනතේ 11 වන වගන්තියෙන් එවැනි බලයක් දී නැත. එසේ නම් නිසි බලධාරියා විසින් බලය අභිනියෝජනය කිරීමේ නෛතික වලංගුභාවය කුමක් ද? මීළඟට අප විමසන්නේ ඒ පිළිබඳව ය.

පෙර ලිපියේ දී බලය අභිනියෝජනය පිළිබඳව අප කථා කළෙමු. එය අවසන් කලේ 37 වන රෙගුලාසිය මඟින් නිසි බලධාරියාට තමන්ගේ බලය නැවත අභිනියෝජනය කළ හැකිද යන්න ප්‍රශ්නය මතු කරමිනි. බැලූ බැල්මට ම නම් එය සිදු කළ නොහැකි බව අපගේ මතය යි. මන්දයත්, එසේ සිදු කිරීම පෙර සඳහන් කර ඇති delegatus non potest delegare ආප්තයට එහා ගිය එකක් වන නිසාවෙනි. නමුත් ඇමතිවරයා විසින් තමුන්ට ඇති විධායක බලතල නිසි බලධාරියාට ලබා දී ඒ අනුව නිසි බලධාරියා විසින් ඒ විධායක බලතල (administrative powers) අනු නියෝජනය කරනු ලබන්නේ නම් එහි බාධාවක් නොමැති බව අපගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ තීරණය වූ නඩු තීන්දු අපට හමු නොවිනි. නමුත් මෙවැනි කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති M.S. Perera v. Forest Department and Another – (1982) 1 Sri LR 187 නඩු තීන්දුව මෙහිදී අප සැලකිල්ලට ගත්තෙමු. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දක්වා තිබේ.

“There is a strong presumption against construing a grant of delegated legislative power as empowering the delegate to sub‑delegate the whole or any substantial part of the law‑making power entrusted to it. ‑ see King Emperor v. Benoari Lal Sarma [1945] A.C. 14, 24. “When Parliament has specifically appointed an authority to discharge a legislative function, a function normally exercised by Parliament itself, it cannot readily be presumed to have intended that its delegate should be free to empower another person or body to act in its place.” (De Smith ‑ Judicial Review of Administrative Action, 4thEd. at 300). It is undoubtedly true that the Minister acting under section 24 must himself discharge the duty of legislation there cast upon him and cannot transfer it to other authorities. In my view, the Minister has not by Regulation 5 delegated his legislative powers at all. By that regulation, the Minister has endowed the Conservator of Forests with the administrative power of specifying or demarcating the areas within or out of which timber or any species specified therein could not be transported without a permit and of authorising Forest Officers to issue the relevant permit.”

උක්ත තීන්දුව නිරෝධායන හා රෝගවැළැක්වීමේ ආඥාපනත යටතේ තීරණය වූවක් නොවූවද පෙර කී delegatus non potest delegare ආප්තය සම්බන්ධයෙන් වන විට වැදගත් වේ. ඒ අනුව මෙහිදී නිසි බලධාරියාට සෞඛ්‍ය ඇමතිවරයා විසින් පවරා ඇත්තේ විධායක / පරිපාලන බලතල පමණක් යැයි සිතන්නේ නම් 37 වන වගන්තිය යටතේ සිදු කරන අභිනියෝජනය නීත්‍යනුකූල බව සටහන් කර තබමු. මේ පිළිබඳව පාඨක ඔබට තවදුරටත් තම නැණ පමණින් කරුණු පරීක්ෂා කර බැලිය හැක.

මීළඟට අප අවධානය යොමු කරන්නේ රෙගුලාසි යටතේ නිසි බලධාරියාට ඇති බලතල සම්බන්ධයෙනි. සත්‍ය ලෙසම ඉතා විශාල බලතල ප්‍රමාණයක් නිසි බලධාරියාට ලබා දී ඇති රෙගුලාසි මේ ආඥාපනත යටතේ ඇත. දැන් ඒවා සමාජය පුරා ප්‍රසිද්ධ නිසා නැවත මෙහි උපුටා දැක්වීමේ අවශ්‍යතාවක් අප නොදකිමු. කෙසේවෙතත් අප විශ්වාස කරනාකාරයට පුද්ගලයන්ට ගමන් බිමන් යෑම වැළැක්වීම සඳහා බලය දෙන රෙගුලාසියක් එහිදී අපට හමු නොවිනි. ඒ අනුව එවැනි රෙගුලාසියක් ඇත්නම් එය ඉදිරිපත්කිරීමට යටත්ව මින් ඉදිරියට ඇති අදහස් කියැවීමට පාඨකයන්ට ආරාධනා කරන්නෙමු.

මේ රෙගුලාසි බොහොමයක කථා කරන්නේ ‘රෝග වැළඳී ඇති තැනැත්තන්‘ ගැනය. ඔවුන්ට රෝග පැතිරෙන ආකාරයෙන් ගමන් බිමන් යෑම වැළැක්වීම නිරෝධායන රෙගුලාසිවලින් ආවරණය කර තිබේ. 2020.03.25 වන දින නිසි බලධාරියා විසින් ආපසු දැනුම් දෙන තුරු සම්පූර්ණ ශ්‍රී ලංකාවම රෝගී ප්‍රදේශයක් ලෙසින් නම් කර දැන්වීමක් පල කර ඇත. මේ රෝගී ප්‍රදේශය යන අර්ථය සහිත ගැසට් නිවේදනය පළ වන්නේ 2020.03.25 වන දිනය. 2020.03.18 වන දින නිසි බලධාරියා විසින් පොලිස්පති වෙත ලිපියකින් දන්වන්නේ ඔහුට ඇති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ බලතල පොලිස්පතිට පවරන බවයි. ඒ අනුව එහිදී වැඩිදුරටත් අනිකුත් කරුණු අතර නිසි බලධාරියා කියන්නේ,

නියම කරන කාලපරිච්ඡේදයක මහජනතාව නිවෙස්වල රැඳී සිටිය යුතු බව නියම කිරීම,

නියම කරන ලද කාලපරිච්ඡේදයක නම් කරන ලද ප්‍රදේශවල සියලු පොදු ස්ථාන, මහා මාර්ග, අතුරු මාර්ගයන්හි වාහන ගමනාගමනය, ප්‍රවාහනය, මගීන් රැගෙනයාම සිදු නොකළ යුතු බවට නියම කිරීම,

නම් කරන එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට හෝ පැමිණීම, පිටවීම තහනම් කිරීමට නියම කිරීම,

මහජනතාවගේ ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා නියම කිරීම (එනම් සාම්ප්‍රදායික නිරෝධායන ඇඳිරි නීතිය)

වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කල යුතු බවයි.

දැන් අපි නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනතේ 3 වන වගන්තියට යොමු වෙමු. එහි ඇති කරුණු පෙර ලිපියේ දී උපුටා දක්වන්නට යෙදුනි. එහි කිසිඳු ස්ථානයක ‘මහජනතාව‘ පිළිබඳව සටහන් වන්නේ හෝ ඒ අර්ථය සඳහන් වන්නේ නැත. 3 වන වගන්තියේ (2) වන උපවගන්තියෙන් ඇමතිවරයාට වැඩිමනක් බලය ලබා දෙන බව සැබෑවකි. නමුත් ඒ 3(2) වන උපවගන්තියෙන් කියනා බලය නිසි බලධාරියාට ලබා දෙන්නේ ද යන්න සැක සහිත ය. පෙර කී 2020.03.18 ලිපියේ දී නිසි බලධාරියා විසින් 13 වන වගන්තියට අවධානය යොමු කර තිබේ. එහිදී, diseased යන්නෙහි අර්ථය shall mean infected or suspected of being infected with disease ලෙසින් දක්වා ඇති බව සැලකිල්ලට ගත යුතු වේ. පෙර කී 37 වන රෙගුලාසියට අදාළ ගැසට් නිවේදනයේ දී ද මෙය දක්වා ඇත්තේ මෙලෙසින් ම වේ. එම ගැසට් නිවේදනයේ 55 වන රෙගුලාසිය පහත පරිදි ය.

Entering or leaving a diseased Locality prohibited – No person shall enter or leave a diseased locality without permission from the proper authority.

රෝගී ප්‍රදේශය යන්න ආඥාපනතේ දක්වා නැත. එය දක්වන්නේ ගැසට් නිවේදනයේ දී ය. ඒ අනුව 2020.03.25 වන දිනැති අංක 2168/6 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රයෙන් ඇමතිවරිය විසින් රෝගී ප්‍රදේශය යන්න, නිසි බලධරයා විසින් යම් ප්‍රදේශයක් තමා නිශ්චය කරනු ලබන යම් කාලයක් සඳහා රෝගයක් මඟින් ආසාදිත හෝ ආසාදිත වෙමින් පවතින්නේ යැයි සැක කරනු ලබන බවට ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ද එවැනි ප්‍රදේශයක් අදහස් වන බවට ප්‍රකාශ කරන්නට යෙදුනි. ඒ අනුව නිසි බලධාරියා විසින් ශ්‍රී ලංකාවමරෝගී ප්‍රදේශයක් ලෙසින් නම් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට ඇතුළුවීම හෝ පිටවීම නිසි බලධාරියාගේ අවසරයකින් තොරව කල නොහැකි බවට උක්ත 55 වන රෙගුලාසිය අනුව පත් වේ. මෙය සමග පෙර කී නිසි බලධාරියාගේ 2020.03.25 ලිපියේ දක්වා ඇති කරුණු සැලකිල්ලට ගෙන බලන්න. එකී කරුණු මේ සමඟ පළවෙන ඡායාරූපවල දැක් වේ. එම ඡායාරූපවල ඇති කරුණු පාඨක ඔබ විසින් කියවා බලා පෙර අප විසින් සාකච්ඡා කිරීමට යෙදුන තත්ත්වය සමඟ සැලකිල්ලට ගත් විට වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයෙහි වලංගුතාවය පිළිබඳව පැහැදිලි තීරණයකට තම තමුන්ට ම එළඹිය හැකි බව අපගේ අදහසයි.

ඒ සමඟ පහත කරුණු ද සැලකිල්ලට ගන්න.

නිසි බලධාරියා විසින් ශ්‍රී ලංකාව ම රෝගී ප්‍රදේශයක් ලෙසින් නම් කළ විට සමස්ථ වාසීන්ම රෝගයක් සෑදී ඇත්තන් හෝ සෑදීමේ සැකයක් ඇත්තන් බවට පත් වේ. නමුත් පෙර කී 55 වන රෙගුලාසිය අනුව තහනම් වන්නේ රෝගී ප්‍රදේශයකට ඇතුල්වීම සහ පිටවීම ය. ආඥාපනතේ 2 වන වගන්තියට ගිය විට සහ 3 වන වගන්තිය කෙරේ යොමු වූ විට රෝගයක් ලංකාවට පැමිණීම සහ ඕනෑම රෝගයක් ලංකාවෙන් පිටතට පැතිරීම වැළැක්වීම මෙන්ම ලංකාව තුළ පැතිරීම ද වැළැක්වීම අදහස් කර ඇති බව පෙනී යයි. ඒ අනුව නිසි බලධාරියා ලංකාවට රෝගී ප්‍රදේශයක් බවට නම් කළ විට 2 වන වගන්තියේ දැක්වෙන ලංකාවට පැමිණීම සහ ලංකාවෙන් පිටතට යෑම එයින් සෘජුවම ආවරණය වේ. 3 වන වගන්තියේ දැක්වෙන රෙගුලාසි මාර්ගෝපදේශ සකස් කොට ඇත්තේ ද එම අරමුණු සහිතව ය. ලංකාව තුළ ඕනෑම රෝගයක් පැතිරීම වැළැක්වීම සඳහා වන රෙගුලාසි ද ඇත්තේ ය.

එවැනි තත්ත්වයක සිට මහජනතාව නිවෙස් තුළට වී සිටිය යුතුයැයි කියන්නේ කුමන රෙගුලාසියෙන් ද? ඊට නිසි බලධාරියාට බලයක් ඇත්තේ ද? එය පරිපාලන හෝ විධායක ක්‍රියාවක් වන්නේ ද? එම ප්‍රශ්න පාඨක ඔබට ඉතිරි කර තබමු.

අනෙක මහජන ආරක්ෂක පනත යටතේ ‘ඇඳිරිනීතිය‘ පැනවූ විට ද ඇති වන්නේ මෙම තත්ත්වයමය. නමුත් එසේ කළ විට අදාළ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට රැගෙන ඒමට සිදු වේ. එසේ නම් එවිට ඇතිවන ප්‍රතිඵලය, නිරෝධායනය සහ රෝගවැලැක්වීමේ ආඥාපනතේ රෙගුලාසි හැදීමේ ප්‍රතිපාදන ප්‍රකාරව නිර්මාණය කර ඇති නිසි බලධාරියාට කළ හැකි ද? එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයාට ඇති ඇඳිරිනීතිය පැනවීමේ බලයට වඩා වැඩි බලයක් නිසි බලධාරියාට නො ලැබෙන්නේ ද? මෙම ප්‍රශ්න ද පාඨක ඔබට ඉතිරි කර තබමු.

ඒ ප්‍රශ්නවලට පිළිතුරු කෙසේවෙතත් මේ වේලාවේ ලංකාණ්ඩුව කොවිඩ් 19 වසංගතය අප රටින් තුරන් කිරීමට දරණ උත්සාහයට පාඨක ඔබගේ නොමද සහය ලබා දීමේ වගකීම කිසි ලෙසකින් හෝ බැහැර නොකරීමට සිත්හි තබා ගැනීමට අප ආයාචනා කරන්නෙමු.

මේ ලිපි මාලාව ගරු අමරසිංහ විනිසුරුතුමා විසින් Leader Publications (Pvt) Ltd. v. Ariya Rubasinghe, Director of Information and Competent Authority and Others – (2000) 1 Sri LR 265 නඩුවේ දී දක්වන්නට යෙදුන කරුණක් උපුටා දක්වමින් අවසන් කරන්නෙමු.

It is a matter where Parliament has delegated some of its Constitutional powers to the President and the issue is whether the power of Parliament delegated to the President has been exercised in accordance with the intention of Parliament as stated in section 6 of the Public Security Ordinance. The Constitution, as well as sections 2 (3), (4) (5) and (6) of the Public Security Ordinance, make it clear in Article 155 that the President’s powers with regard to public security are derived from Parliament and are subject to Parliament’s control and scrutiny. The Courts shall endeavour to ensure that the will of Parliament, as expressed in the Public Security Ordnance, will be duly carried out. As for the submission that, the petitioner had not challenged the validity of the Competent Authority’s appointment, attention is drawn to paragraph 41 of the petition and prayers (e) and (f) of the petition, as well as correspondence, referred to above.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *