මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන වරෙන්තුව සහ ඒ වරෙන්තුව ඉහළ අධිකරණයෙන් අත්හිටුවීම – කෙටි විමසුමක්

මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන වරෙන්තුව සහ ඒ වරෙන්තුව ඉහළ අධිකරණයෙන් අත්හිටුවීම – කෙටි විමසුමක්.

“වරෙන්තු සම්බන්ධයෙනුත් අපිට පේනවා සමාජයේ නොයකුත් මත තියෙනවා. ඒකට එක හේතුවක් නැත්නම් ප්රධානම හේතුව තමයි ජන සමාජය තුළ වරෙන්තු සම්බන්ධයෙන් තියෙන සමහරක් මත. සාමාන්යයෙන් බොහෝ පුද්ගලයන් බියයි තමුන්ගේ නමට වරෙන්තුවක් නිකුත් වෙනවාට. ඒ නිසා වරෙන්තුවක් නිකුත් වුන වෙලාවකදිත් ඉක්මණින්ම ඒ වරෙන්තුව ආපසු කැඳවගන්න ඔවුන් කටයුතු කරනවා. ප්රශ්නය මතු වෙලා තියෙන්නේ මෑත කාලයේ දී ඇතිවෙලා තියෙන තත්ත්වය මත. ඒ කියන්නෙ සමහර පුද්ගලයන්ට වරෙන්තුවක් නිකුත් කළාම ඒ පුද්ගලයා ඉහල අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා අර වරෙන්තුව ක්රියාත්මක කරන්න බැරිවෙන්න නියෝගයක් ගන්නවා. මේ සමහර පුද්ගලයො ගැන ටීවී, රේඩියෝ, පත්තරවල හොඳ ප්රචාරයක් දෙනවා. මේවා දකිද්දී තවත් සමහර පුද්ගලයො හිතනවා ‘බොලේ, නීතිය තියෙන්නෙ පොඩි මිනිහට විතරයිනේ‘ කියලා. ඒකෙ ප්රතිඵලය වෙන්නේ වරෙන්තුවට තියෙන ගෞරවය නැත්නම් අධිකරණයට තියෙන ගෞරවය නැති වෙලා යනවා.
හිතන්න කෙනෙක් පොදු දේපල නැත්නම් මහජන මුදල් හොරා කෑවා කියලා ප්රචාරයක් යනවා. ඊට පස්සෙ ආපහු ප්රචාරයක් යනවා ඒ තැනැත්තාට විරුද්ධව මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරන්න පොලීසිය කටයුතු කරනවා කියලා. ඊට පස්සෙ ප්රචාරයක් යනවා අර තැනැත්තාට විරුද්ධව වරෙන්තුවක් නිකුත් වුනා කියලා. ඊට පස්සෙ ප්රචාරයක් යනවා වරෙන්තුවත් අරන් ඒ තැනැත්තා ඉන්න තැන්වලට පොලීසිය ගියා හැබැයි ඒ තැන්වල මේ තැනැත්තා නෑ කියලා. ආයි ප්රචාරයක් යනවා ඒ කිව්ව වරෙන්තුව ක්රියාත්මක කිරීම වැළැක්වීමට ඉහළ අධිකරණයේ පෙත්සමක් ගොනු කළාය, ඒ පෙත්සම අනුව වරෙන්තුව ක්රියාත්මක කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් දුන්නා ය කියලා. මේ අතරෙ ම තවත් ප්රචාර යනවා ඊයේ රෑ මෙහෙයුමක් තිබ්බා ඒ මෙහෙයුමෙන් වරෙන්තුකරුවො අච්චරක් ඇල්ලුවා මෙච්චරක් ඇල්ලුවා කියලා. මේවා බලන් ඉඳලා ඇත්ත සිද්ධිය මොකක් දැයි නොදන්න නමුත් වටින් ගොඩින් දන්න පිරිස තවත් ප්රචාරයක් යවනවා ‘කෝ සමානතාවය, නීතිය තියෙන්නෙ පොඩි මිනිහට විරුද්ධව විතරයි, කෝ ලොකු මිනිහට නීතිය‘ කියලා.
සාමාන්ය ජනතාව තමුන්ට වරෙන්තුවක් නිකුත් වුනාම කරන්නෙ මොකක්දැයි හරියට දන්නෙ නැති අවස්ථා තියෙනවා නේ. මොකද මොකක්ද වරෙන්තුව, මොකක්ද සිතාසිය කියලා ඉස්කෝලෙ උගන්වන්නෙ නෑ නේ. වරෙන්තුවක් කියන්නෙ සරලවම ගත්තම අධිකරණයේ පෙනී නොසිටීවි කියලා සැක හිතෙන තැනැත්තෙක්ව අධිකරණයට ඉදිරිපත් කරවන්න එහෙම නැත්නම් අධිකරණයට එන්නැයි කියලා දන්වලා තිබිලා ඒ දැන්වීම පැහැර හරින තැනැත්තෙක්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න කියලා නිකුත් කරන අධිකරණ නියෝගයක්. මේ අධිකරණ නියෝගයේ බලපෑම තමයි ඒ වරෙන්තුවෙ නම සඳහන් තැනැත්තාව අත්අඩංගුවට ගැනීම සහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම. මේ කිව්වෙ සරලවම.
අනෙක් අතට තැනැත්තෙක්ව වරෙන්තුවක් සහිතව වගේම රහිතව අත්අඩංගුවට ගන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. ඒක නීතියෙන් යම් යම් වැරදි සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. උදාහරණයකට යම් තැනැත්තෙක් කැලෑවක් නීතිවිරෝධීව කපන අවස්ථාවකදී, එහෙම නැත්නම් නීතිවිරෝධීව වැලි ගොඩ දාන වෙලාවකදී, හොරෙන් මැණික් ගරද්දී, නැත්නම් නිධන් හාරද්දී වගේ අවස්ථාවලදී අත්අඩංගුවට ගන්න වරෙන්තු ඕනා නෑ. ඒ කියන්නේ අධිකරණයේ නියෝගයක් ඕනා නෑ. ඒ වුනාට අයුතු ඇතුලුවීමක් කලා කියන තැනැත්තෙක් නැත්නම් සාමාන්ය බැන තර්ජනයක් කලා කියන තැනැත්තෙක්ව අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් මුලින් වරෙන්තුවක් ඕනා වේවි. ඒ කියන්නේ වරදට අදාළව මේ තත්ත්වය තීරණය වෙනවා. එතකොට මේ වරෙන්තුව කියන්නේ අධිකරණ නියෝගයක්. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ තියෙන අධිකරණ සැලකිල්ලට ගත්තම දවසකට වරෙන්තු ලක්ෂ ගණනක් නිකුත් කරනවා ඇති.
දැන් අපි කිව්වනේ වරෙන්තුව කියන්නේ අධිකරණ නියෝගයක් කියලා. මේකෙදි කියන්නෙ වරෙන්තුවෙ නම සඳහන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න කියලා. වැඩිපුරම වරෙන්තු නිකුත් කෙරෙන්නේ මහේස්ත්රාත් අධිකරණයෙන්. ලංකාවේ අධිකරණ ධූරාවලිය අනුව මුල් අවස්ථා අපරාධ අධිකරණය තමයි මේ. ඉස්සර හැඳින්වූයේ පොලිස් උසාවිය කියලා. අදත් සමහරු ඒ විදියටම අඳුන්වනවා. වරෙන්තුවක් ඕනා ඕනා විදියට නිකුත් කරන්න බැහැ. ඒකටත් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියක් තියෙනවා. මේ ගැන කථා කරපු නඩුවක් තමයි මහානාම තිලකරත්න එදිරිව එස් එස් පී බන්දුල වික්රමසිංහ සහ තවත් අය කියන මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව. මහානාම තිලකරත්න කියන්නේ හිටපු මහාධිකරණ විනිසුරුවරයෙක්.
සාරාංශයක් විදියට ගත්තොත් මේ නඩුවෙ සිද්ධිය වෙන්නෙ මෙහෙමයි. සෝමචන්ද්ර කියලා තැනැත්තෙකුට 1998.06.01 වැනිදා පෙත්ම්කරුගේ පුත්රයා ඇතුළු (පෙත්සම්කරු කියන්නේ හිටපු මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්න මැතිතුමා.) පිරිසක් පොලුවලින් පහර දීම නිසා දණ්ඩ නීති සංග්රහයේ 316 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට කරුණු වාර්තා වෙන නිසා ඒ ගැන විමර්ශන පවත්වනවා කියලා 1998.06.11 වැනිදා කහතුඩුව පොලිස් ස්ථානාධිපති කැස්බෑව මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කරනවා. වැඩිදුර කරුණු වාර්තා කරන්න ඒ අනුව 1998.09.10 වැනිදාට දිනය අධිකරණයෙන් ලබා දෙනවා. ඊට පස්සේ 1998.09.10 වැනිදා මේ නඩුවට හ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපොප රොද්රිගෝ වැඩිදුර වාර්ථාවකින් කරුණු දක්වලා කියනවා මේ සිදුවීමේ දී පෙත්සම්කරු විසින් තුවක්කුවකින් සෝමචන්ද්ර වැටිලා ඉද්දී ඒ පැත්තට වෙඩි තිබ්බ බවට කරුණු වාර්තා වෙන නිසා දණ්ඩ නීති සංග්රහයේ 300, 141 හා 316 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිද්ධවෙලා තියෙනවා කියලා. වැදගත්ම දේ තමයි මේ උපොප රොද්රිගෝ මහේස්ත්රාත් අධිකරණයට වාර්තා කරනවා පෙත්සම්කරුගේ නිවස සෝදිසි කරන්න සහ සැකකරුවන් අත්අඩංගුවට ගන්න වරෙන්තු ලබා ගැනීමට නීතිපතිතුමාගේ උපදෙස් ලැබිලා තියෙනවා කියලා. මහේස්ත්රාත්තුමා වරෙන්තුවක් නිකුත් කරන්න කැමැති වෙන්නෙ නෑ. ඊට පස්සෙ මොකද වෙන්නේ මේ රොද්රිගෝයි 1 වන වගඋත්තරකාර එස් එස් පී බන්දුල වික්රමසිංහයි නිලමැදිරියට ගිහිල්ලා මහේස්ත්රාත්තුමා හමු වෙනවා. තනියම නෙමෙයි, නීතිපති දෙපාර්තමේන්තුවෙ රජයේ නීතීඥවරයකුත් සමඟ. පෙත්සම්කරු මහාධිකරණ විනිසුරුවරයකු වීමත් සමඟ බැඳුණු කරුණු මහේස්ත්රාත්තුමාට ඉදිරිපත් කලාට පස්සෙ අපරාධ නඩු විධාන සංග්රහ පනතේ 124 වගන්තිය යටතේ මහේස්ත්රාත්තුමා වරෙන්තුවක් නිකුත් කරනවා. වැඩිදුරටත් මහේස්ත්රාත්තුමා දැනුම් දෙනවා වරෙන්තුව ක්රියාත්මක කිරීම ගැන තමුන්ව දැනුවත් කරන්න වගේම ඊළඟ දවසෙ ම සැකකරුවන්ව ඉදිරිපත් කරන්නත් ඕනා කියලා. එදාම පෙත්සම්කරු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්වෙලා වරෙන්තුව කැඳවා ගන්නවා. එතකොට මහේස්ත්රාත්තුමා රෙජිස්ට්රාර්ට නියම කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව දන්වන්න කියලා. රෙජිස්ට්රාර් මේ බව ලිපියකින් වගේම දුරකථනයෙනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වනවා. ඒ ඇමතුම ලබා ගන්නේ කා.උ.පො.ප ෆොන්සේකා කියන නිලධාරිනිය. පෙත්සම්කරුත් අධිකරණයෙන් පිටවෙන්න කලින් මහේස්ත්රාත්තුමාගේ නියෝගයේ පිටපතකුයි අර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැව්ව ලිපියේ පිටපතකුයි අරන් තමයි යන්නෙ. මෙතනින් එහාට තමයි වැඩේ තියෙන්නේ.
එදා හවස පෙත්සම්කරු තමුන්ගේ නීතීඥවරුත් එක්ක ගෙදර ඉද්දී සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් පැමිණිලා ඔවුන් සී අයි ඩී නිලධාරීන් බවට හඳුන්වලා දීලා පෙත්සම්කරුව වරෙන්තුවට අත්අඩංගුවට ගන්න හදනවා. එතකොට මහේස්ත්රාත් නඩු වාර්තාවේ පිටපතයි සී අයි ඩී එකට යවපු ලියුමේ පිටපතයි (මේ කිව්වෙ වරෙන්තුව කැඳවපු) එතැන ඉඳපු නඩුවේ 2 වන වගඋත්තරකරුට පෙන්වනවා. ඔහු ඩී අයි ජී මහත්තයාව ජංගම දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඉන්පස්සේ සෝදිසි වරෙන්තුවට ගේ සෝදිසි කරන්න පටන් ගන්නවා. රෑ 7.30 ට විතර මෙතනට එන 1 වන වගඋත්තරකරු මේ ලේඛන මොකුත් බලන්නේ නැතුව නීතිපති උපදෙස් දීලා තියෙන්නෙ පෙත්සම්කරුව අත්අඩංගුවට ගන්න කියලාය කියලා පෙත්සම්කරුව අත්අඩංගුවට අරන් සී අයි ඩී මූලස්ථානයට අරන් යනවා. නීතීඥවරුන්ට කියනවා ඊළඟ දවසෙ උදේ පෙත්සම්කරුව මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කරනවා කියලා.
1998.09.11 උදේ උපොප රොද්රිගෝ පෙත්සම්කරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කරන්නේ කැස්බෑව මහේස්ත්රාත් විසින් දුන්න නියෝගයට සම්පූර්ණයෙන් ම පිටුපාලා. එදා පෙනී ඉන්න රජයේ නීතීඥවරයා ප්රධාන මහේස්ත්රාත්තුමාට කියන්නේ වරෙන්තුව ආපසු කැඳවලා නෑ කියලා. කොහොමහරි පෙත්සම්කරුව ඇප පිට මුදා හරිනවා. කොහොමවුනත් ශ්රේෂ්ඨාධිකරණයේ දී නීතිපතිතුමා කියන්නේ එතුමා මේ වගේ කාවවත් අත්අඩංගුවට ගන්න උපදෙස් දුන්නෙ නැතෙයි, මේ සිද්ධිය දැනගත්ත ගමන්ම ජනාධිපතිතුමාව දැනුවත් කලා ය කියලා.
මොකක් ද ශ්රේෂ්ඨාධිකරණය තීරණය කරන්නේ. ඒකයි අපිට වැදගත්. පහතින් ඒ කරුණු උපුටා දක්වනවා.
1. The purpose of issuing process of Court is to obtain the appearance of a person in Court and not to secure his presence in any police station or the CID headquarters. Thus, process may issue in terms of section 124 of the CCRP Act to compel a suspect to attend Court for an identification parade, and to assist investigators by requiring the suspect to provide handwriting, finger prints, samples of hair, fingernails or blood for investigating a crime.
සරලව මේ කියන්නේ පුද්ගලයකුට මේ වගේ අධිකරණ නියෝගයක් නිකුත් කිරීමේ අරමුණ වෙන්නේ ඔහුට අධිකරණයේ පෙනී සිටීමට කීම මිසක් පොලිසියක හරි සීඅයිඩී මූලස්ථානයේ පෙනී ඉන්න කියලා නෙමෙයි ය කියලා. මෙතනදි ගරු ධීරරත්න විනිසුරුතුමා වැඩිදුරටත් කියනවා පුදගලයකුගේ නිදහසේ අයිතියට මැදිහත්වෙන වරෙන්තු නිකුත් කිරීම අධිකරණමය ක්රියාවක් නිසා චෝදකයකු නැත්නම් විමර්ශන නිලධාරියකු ඉල්ලපු පමණින්ම මහේස්ත්රාත්වරයා විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමේ වරෙන්තුවක් නිකුත් නොකළ යුතු බව (“Issuing a warrant is a judicial act involving the liberty of an individual and no warrant of arrest should be lightly issued by a Magistrate simply because a prosecutor or an investigator thinks it necessary.”).
2. Unless a warrant of arrest is issued for the failure to obey summons, recording of evidence is a sine qua non before issuing a warrant of arrest of a suspect whether investigations are completed and proceedings are instituted in the Magistrate’s Court under S. 136 (1) (b) of the CCRP Act or the investigations are incomplete and no proceedings are instituted in Court. The Magistrate must before issuing a warrant against the offender, record evidence on oath substantiating the allegation.
සිතාසියක් මත පෙනී සිටීම පැහැර හැරීම නිසා වරෙන්තු නිකුත් කරන අවස්ථාවකදි හැර අන් සෑම අවස්ථාවකදිම වරෙන්තුවක් නිකුත් කිරීමට පෙර සාක්ෂි වාර්තා කිරීම අනිවාර්ය බව තමයි මේ කරුණෙ සාරාංශය.
3. On the basis of the 1st respondent’s representations to the Chief Magistrate, the petitioner was arrested on the authority of the warrant and no other. If that warrant was otherwise legally valid, the 1st respondent could not have arrested the petitioner as the warrant was directed to SI Rodrigo, and SI Rodrigo had not endorsed the warrant to another peace officer as required by section 52 (3) of the CCRP Act; nor was there any justification for the 1st respondent to have arrested the petitioner in terms of section 32 (1) (b) of the Act, as he was not involved with the investigations of the alleged offences.
4. The defence that the 1st respondent was acting purely on the orders of his superior the 3rd respondent and that as a police officer he was bound to do so is untenable. The arrest under those circumstances was illegal.
5. The arrest and the detention of the petitioner in police custody were not in accordance with the law and the 1st and 3rd respondents violated the petitioner’s fundamental rights guaranteed by Articles 13 (1) and 13 (2) of the Constitution.
මේ අනුව ශ්රේෂ්ඨාධිකරණය තීරණය කරන්නේ පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව. ඒ වගේම ගරු ධීරරත්න විනිසුරුතුමා මෙහෙම කථාවකුත් නඩු තීන්දුවෙදි කියනවා.
I am of the view that the 1st and 3rd respondents have falsely stated that they got the approval of the 4th respondent to arrest the petitioner and further that he was informed of the arrest after the event. The British Statesman, Herbert Henry Asquith, once observed, that the War office kept three sets of figures; one to mislead the public, another to mislead the Cabinet and the third to mislead itself. Similarly, I would say it is quite probable that the CID kept three sets of facts on the issue of the arrest of the petitioner; one to mislead the Chief Magistrate, another to mislead the Supreme Court and the third to mislead itself.
මේ කොටස අපි පරිවර්තනය කරන්නෙ නෑ.
දැන් මේ දේවල් මහජනතාව අතට යන්නෙ නෑ නේ. ඒ නිසා මහජනතාව ප්රවෘත්තිවලින් කටකථාවලින් දකින දේ තමයි හරියි කියලා හිතන්නෙ. ඒකෙ ප්රතිඵලය තමයි අර නීතිය තියෙන්නෙ සොක්කන්ට විතරයි කියන කථාව.
එතකොට මේ මහානාම තිලකරත්න නඩු තීන්දුවෙ කියනවා වගේ වරෙන්තුවක් නිකුත් කිරීම කියන්නේ අධිකරණ කාර්යයක්. එතකොට මේ නියෝගයට ඉහළ අධිකරණයෙන් තහනම් නියෝගයක් නැත්නම් අත්හිටුවීමේ නියෝගය ගන්නෙ කොහොම ද. මේ ගැනත් අපි බලන්න ඕනා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *