වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි – විත්ති වාචකයක් ලෙසින් සිහිවිකලභාවය

වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි

විත්ති වාචකයක් ලෙසින් සිහිවිකලභාවය

අපරාධ නඩුවලදී සිහිවිකලභාවය විත්තිවාචකයක් ලෙසින් පිළිගනී. මේ පිළිබඳව කෙටි විමසීමක් කිරීම මේ ලිපියේ අරමුණ වේ.
මිනිසකුගේ සිහිවිකලභාවය විවිධාකාරයෙන් ඇති විය හැක. සමහරක් අවස්ථාවලදී පවතින උමතුව කෙටි කාලීන වේ. තවත් විටක එය දීර්ඝකාලීන වේ. උමතුවේ ස්වභාවය වන්නේ සාමාන්‍ය මානසික මට්ටමට වඩා වෙනස් මට්ටමකින් අදාළ තැනැත්තා කටයුතු කරනු ලැබීමයි.
අපරාධ නඩුවකදී චූදිතයා විසින් සාවද්‍ය ක්‍රියාව, සාවද්‍ය මනසකින් යුතුව සිදු කරනු ලැබූ බව පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු වේ. සුප්‍රසිද්ධ actus reus non facit reum nisi mens sit rea ආප්තය මේ සමඟ බැඳී පවතී. මනස සාවද්‍ය නොවේ නම් ක්‍රියාව සාවද්‍ය නොවේ යන්න මෙහි සාමාන්‍ය අර්ථය යි.
සිහිවිකලභාවයේ විත්තිවාචකය සඳහා ඇත්තේ ඉතා ඈත අතීතයකි. නමුත් ඒ අතීතය ගැන කථා කිරීම දැනට අවශ්‍ය නොවේ. එක් අවස්ථාවක් දක්වමි. 13 වන සියවසේ දී විලියම් ලම්බාඩ් මෙසේ ලියා ඇත.
“If a madman or a natural fool, or a lunatic in the time of his lunacy, or a child that apparently hath no knowledge of good nor evil do kill a man, this is no felonious act, nor anything forfeited by it… for they cannot be said to have an understanding will.”
මෙහි දැක්වෙන ආකාරයට සිහිවිකලභාවයෙන් පෙළෙන අයකු විසින් හොඳ හෝ නරක තේරුම් ගැනීමට නොහැකි තරම් උමතුවෙන් පෙළෙන අවස්ථාවේ දී මිනීමැරුමක් සිදු කළහොත් එය අපරාධයක් නොවන්නේ ඔවුන්ට අදාළ ක්‍රියාව තෝරා ගැනීමට නොහැකි නිසාවෙනි. සරලව කියන්නේ නම් මෙහිදී කියැවෙන්නේ සිහිවිකලභාවය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී අදාළ තැනැත්තා තුළ සාවද්‍ය මනසක් නොපවතින බවයි. ඒ අනුව පෙර කී actus reus non facit reum nisi mens sit rea  ආප්තය පරිදි අපරාධ වගකීමක් අදාළ තැනැත්තාට පැවරීමේ හැකියාව නොමැත.
මෙනිසා යම් යම් තැනැත්තන් අපරාධයක් කිරීමෙන් පසු ඒ වගකීමෙන් ගැලවීමට සිහිවිකලභාවය නොයෙක් ආකාරයෙන් යොදා ගැනීමට කටයුතු කිරීම ඒ සම්බන්ධ නීතිය වර්ධනය සඳහා උපකාරී විය. අද මෙන් වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලයේ දී උමතුභාවය මැනීමට නිසි ක්‍රමවේදයක් නොතිබිණි. නමුත් අද මනෝවිද්‍යාව විෂයක් ලෙසින් ම එකතු වී තිබේ. මෙනිසා අද ඇත්තේ වෙනස් තත්ත්වයකි. අද වන විට මානසික මට්ටම පරීක්ෂා කර බැලීමට නොයෙකුත් වෛද්‍ය පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ ඇත. කෙසේවෙතත් ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ උමතුභාවයේ විත්තිවාචකය බහුලව යෙදෙන බවක් නොපෙනේ.
සිහිවිකලභාවය පරීක්ෂා කිරීමට යොදා ගනු ලබන විවිධාකාරයේ පරීක්ෂණ ඇත. ඉන් කීපයක් පහතින් සාරාංශයක් ලෙසින් දක්වා තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ (පහසුව සඳහා CCPA ලෙසින් ද ඉදිරියට හැඳින් වේ.) 374 වගන්තිය අනුව යම් පරීක්ෂණයක්, නඩු විභාගයක් පවත්වන මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ සිටින චූදිතයා සිහිවිකල තැනැත්තකු බවට විශ්වාස කිරීමට තරම් හේතු මහේස්ත්‍රාත්වරයාට ඇති විට, එම සිහිවිකල් භාවය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා එම තැනැත්තා ඒ දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරියා විසින් හෝ වෙනත් යම් වෛද්‍ය නිලධාරියකු විසින් හෝ පරීක්ෂා කිරීමට සලස්වා, ඒ ‍නිලධාරියාගෙන් ප්‍රශ්න අසා සාක්ෂි විභාගය ලියා සටහන් කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළ යුතු වේ. ඒ අනුව චූදිතයා සිහිවිකල තැනැත්තකු බවද, ඒ හේතුවෙන් ස්වකීය විත්තිවාචකය ඉදිරිපත් කිරීමට ඔහුට නොහැකි බැව් ද මහේස්ත්‍රාත්වරයාගේ මතය වේ නම් එම නඩුවේ නඩු කටයුතු කල් තැබිය යුතු වේ.
මේ අනුව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ සිටින චූදිතයකු සිහිවිකල බව පෙනී යයි නම් සහ ඒ බවට විශ්වාස කිරීමට හේතු ඇත්නම් ප්‍රථමයෙන් ම මහේස්ත්‍රාත්වරයා විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පෙනී යයි. ඉන් පසුව ය ඔහුව වෛද්‍ය නිලධාරියකුට යොමු කරන්නේ. එයින් පසු වගන්තියට අනුව නම් ඒ වෛද්‍යවරයාගේ සාක්ෂි සටහන් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා කටයුතු කළ යුතු වේ. යම් හෙයකින් සමස්ථ කරුණු අනුව චූදිතයා සිහිවිකල බවට තහවුරු වේ නම් මේ අනුව නඩු කටයුතු නතර වේ. ඉතා පැහැදිලිව මෙහිදී සිහිවිකලභාවය ඔප්පු කිරීම චූදිතයාගේ වගකීම වේ.
CCPA හි 375 වගන්තියට අනුව මහාධිකරණයේ දී මේ තත්ත්වයේ වෙනසක් දැකිය හැකි වේ. ඒ අනුව ද චූදිතයාගේ සිහිවිකල බව පිළිබඳව ප්‍රථමයෙන් කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරුවරයා හෝ ජූරි සභාව විසිනි. වෛද්‍යවරයකුට යොමු කිරීමක් ගැන මෙහිදී සඳහනක් නැත. ඒ අනුව මහාධිකරණයේ දී චූදිතයකු විසින් සිහිවිකල බවට කරුණු ඉදිරිපත් කළහොත් ඔහුගේ සිහිවිකල බව පරීක්ෂා කිරීම සෘජුවම නඩුව විභාග කරන මහාධිකරණ විනිසුරුවරයාට හෝ ජූරියට පැවරේ. එවිට විනිසුරුවරයා හෝ ජූරිය විසින් ඒ පිළිබඳව විභාග කළ යුතු ය. වගන්තියේ දී ඉතා පැහැදිලිව ‘සිහිවිකල්භාවය හා අශක්‍යතාවය‘ ලෙසින් සඳහන්ව තිබේ. තවද, මේ සම්බන්ධයෙන් පවත්වන විභාගය, අධිකරණය ඉදිරියේ වන චූදිතගේ නඩු විභාගයේ කොටසක් ලෙසින් ද සලකනු ලැබේ.
මේ කරුණු සම්බන්ධයෙන් ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. කෙසේවෙතත් මේ වගන්ති අනුව කාරණා දෙකක් හෙළිදරව් වේ. 374 වගන්තියේ දී සිහිවිකලභාවය සම්බන්ධයෙන් වෛද්‍ය මතය ද අදාළ වේ. එනම් වෛද්‍ය සිහිවිකලභාවයයි. ඒ සඳහා වෛද්‍ය සාක්ෂි කැඳවීමට සිදු වේ. 375 වගන්තියේ දී ඇත්තේ වෛද්‍ය සිහිවිකලභාවය නොවේ.
ඉහතින් අවසානයේ දී කී සිහිවිකලභාවය සම්බන්ධයෙන් වන විට චූදිතගේ සාක්ෂි, ඔහු වෙනුවෙන් කැඳවීමට බලාපොරොත්තුවන සිහිවිකලභාවයට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි (මෙහිදී වෛද්‍යවරයකු වුවද ඇතුළත් විය හැක) ආදියෙන් පෙන්වා දීමට සිදු වේ. එයත් ඔප්පු කිරීමට සිදු වන්නේ චූදිතයාටම ය.
සිහිවිකල් තැනැත්තකුගේ ක්‍රියාව පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 77 වගන්තියේ දී විස්තර කර තිබේ. එය ගොඩ නැගී ඇත්තේ සුප්‍රසිද්ධ මැක්නෝටන් රීති (M’ Naghten’s Case 1843 10 C & F 200) අනුව ය. සාරාංශයක් ලෙසින් ගත් විට මැක්නෝටර්න් රීතියෙන් කියන්නේ වෙනස් තත්ත්වයක් ඔප්පු කරන තුරු සෑම තැනැත්තකුම තමුන් විසින් කරන අපරාධය සම්බන්ධයෙන් සාධාරණව දැනුවත්බවකින් සිටි බවට පූර්ව නිගමනය කරන බව වේ. 77 වගන්තියේ දී මෙසේ කියයි.
‘ක්‍රියාව කරන වේලෙහි එම ක්‍රියාවෙහි ස්වභාවය හෝ තමා වැරදි දෙයක් හෝ නීතියට පටහැනි ක්‍රියාවක් කරන බව සිහිවිකලත්වය නිසා දැන ගැනීමට පුලුවන් කමක් නැති තැනැත්තකු විසින් කරනු ලබන කිසිවක් වරදක් නොවේ.‘
මේ අනුව 77 වගන්තිය අනුව නෛතිකව පුද්ගලයකු සිහිවිකල බව ප්‍රකාශ කිරීමට නම්,
අ.         අදාළ තැනැත්තාට කරනු ලැබූ ක්‍රියාවේ ස්වභාවය දැන ගැනීමට නොහැකි විය යුතු ය.
ආ.       අදාළ තැනැත්තාට කරනු ලැබූ ක්‍රියාව වරදක් බවට දැනුමක් නොතිබිය යුතු ය.
ඇ.        අදාළ තැනැත්තාට කරනු ලැබූ ක්‍රියාව නීතියට පටහැනි බවට දැනුමක් නොතිබිය යුතු ය.
වෛද්‍ය සිහිවිකලභාවයේ සහ නෛතික සිහිවිකලභාවයේ වෙනසක් පවතී. වෛද්‍ය සිහිවිකලභාවය පමණක් අපරාධ නඩු විභාගයකින් මිදීමට තරම් ප්‍රමාණවත් නොවේ. තැනැත්තකුට පවතින ඕනෑම ආකාරයක මානසික රෝගයක් හේතුවෙන් ඒ තැනැත්තා සිහිවිකලයැයි කීමේ හැකියාව වෛද්‍ය සිහිවිකලභාවය තුළ ඇත. නමුත් නෛතික සිහිවිකලභාවයේ දී සිද්ධිය සිදු වන අවස්ථාවේ දී අදාළ තැනැත්තාට එකී මානසික රෝගය හේතුවෙන් තීරණ ගැනීමේ හැකියාව නොමැති ව තිබූ බව පෙන්වීම අවශ්‍ය වේ.
ඉහතින් මැක්නෝටන් රීතිය පිළිබඳව සඳහන් කළෙමි. මැක්නෝටන් රීතියට පෙර සිහිවිකලභාවය පෙන්වීමට අධිකරණ තවත් පරීක්ෂණ භාවිතා කර තිබේ. ඉන් එකකි ‘wild beast test’. මෙය ප්‍රථම වරට යොදා ගනු ලැබූවේ 1724 දී තීරණය වූ Rex v. Arnold (1724 16 How St. Tr. 765) නඩු තීන්දුවේදී ය. එවකට එංගලන්තයේ සත්ව ගොවිපලවල සිටි සතුන්ගේ තත්ත්වය අරඹයා මේ නම යොදා ගෙන තිබිණි. ඒ අනුව මෙහිදී ආවරණය වන්නේ එවැනි සතකු වැනි හැසිරීමක් ඇත්තකු නොව, එවැනි සතකු මෙන් බුද්ධි මට්ටමක් ඇති අයෙකි. අදත් මේ පරීක්ෂණය සමහර අවස්ථාවලදී භාවිතා කරයි.
තවත් පරීක්ෂණයක් වන්නේ “right and wrong” පරීක්ෂණයයි. මෙය Regina v. Oxford නඩුවේ දී ප්‍රකාශයට පත්වූවකි. අදාළ කොටස මෙසේයි.
“from the effect of a diseased mind,” knew that the act was wrong, and that the question that must thus be answered was whether “he was quite unaware of the nature, character, and consequences of the act he was committing”
මීට අමතරව ඩර්හම් රීති (Durham v. U.S., 214 F.2d 862) ලෙසින් ද පරීක්ෂණයක් ඇති අතර එය ඇමරිකාවේ දී භාවිතා වේ. තවත් පරීක්ෂණයක් ලෙසින් The Irresistible Impulse පරීක්ෂණය හැඳින්විය හැක. මෙහිදී ඉංග්‍රීසි පාඨයම යොදා ගන්නේ වැඩිදුර සෙවීම් කටයුතු සඳහා එය පහසුවක් වන නිසාවෙනි. අදාළ තැනැත්තාගේ මානසික තත්ත්වය හේතුවන් ඔහුගේ ක්‍රියාව නරක වුවත් එය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වූ බව ඔප්පු කළ හොත් එවිට ඔහුට අපරාධ වගකීමක් නොපැවරෙන බව මෙහි සාමාන්‍ය භාවිතාවයි.
මෙවැනි රීති කොපමණ ඇතත් ලංකා නීතියේ දී මේ සම්බන්ධයෙන් එනම් නෛතික සිහිවිකලභාවය සම්බන්ධයෙන් යෙදෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 77 වගන්තියේ දී භාවිතා වන මැක්නෝට්න් රීතිය වේ.
දැන් ආපසු අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට යොමු වෙමු.
ඉහතදී 374 හා 375 වගන්ති පිළිබඳව සාකච්ඡා කර ඇත. ඒ අවස්ථාවලදී කථා කරන්නේ අධිකරණය ඉදිරියේ ඉන්නා චූදිතයා සිහිවිකල අයකු බව පෙනී යන්නේ නම් පවතින තත්ත්වයයි. 379 වගන්තිය කථා කර ඇත්තේ වරද සිදුවන අවස්ථාවේ දී චූදිතයා සිහිවිකල ව සිටි බව පෙනී යන අවස්ථාවක් ය. ඒ අනුව ලඝු නොවන පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේ දී චූදිතයා සිහියෙන් සිටියත්, ප්‍රශ්නගත සිද්ධිය වන අවස්ථාවේදී චූදිතයාගේ සිහිවිකලත්වය හේතුවෙන් ඒ ක්‍රියාවේ ස්වභාවය දැන සිටීමට හෝ ඒ ක්‍රියාව වැරදි ක්‍රියාවක් බව නැතහොත් නීතියට පටහැනි ක්‍රියාවක් බව දැන සිටීමට හෝ ඔහුට නොහැකි ව සිටි බව ද විශ්වාස කිරීම සඳහා සාක්ෂි අනුව මහේස්ත්‍රාත්වරයාට හැඟී යන අවස්ථාවේ දී පරීක්ෂණය දිගටම පවත්වාගෙන යා යුතු වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 77 වගන්තියේ දැක්වෙන මූලික කරුණු මෙම වගන්තිය තුළද දැක්වෙන බව ඔබට පෙනී යනවා ඇත.
374 හෝ 375 වගන්තිවලින් දැක්වෙන අවස්ථාවේ දී චූදිතයා යොමු කරන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වේ. ඒ සඳහා 376 වගන්තියෙන් බලය ලබා දී තිබේ. ඒ අනුව 377 වගන්තියෙන් කියන්නේ එවැනි කල්තැබීමක් කරනු ලැබූ අවස්ථාවේ දී ඕනෑම අවස්ථාවක ආපසු ඒ නඩුව හෝ පරීක්ෂණය ඇරඹීමට අධිකරණයට බලය ඇත. එසේ විභාගය අරඹනු ලැබූ විටත් චූදිතයාගේ සිහිවිකලභාවය යහපත්ව නැත්නම් ආපසු 376 වගන්තිය යටතේ අධිකරණය විසින් ක්‍රියා කරයි. කෙසේවෙතත් ආපසු චූදිතයා අධිකරණයට ඉදිරිපත් වූ විට ඔහුගේ විත්තිවාචකය පවත්වාගෙන යෑමට තරම් බාධාවක් නොමැති බව අධිකරණය අදහස් කරන්නේ නම් පරීක්ෂණය හෝ නඩු විභාගය පවත්වාගෙන යනු ලැබේ. ඉහතින් දැක් වූ 379 වගන්තිය යෙදෙන්නේ ඒ අනුව ය.
ඒ අනුව යම් හෙයකින් යම් තැනැත්තකු විසින් වරද කරන ලද අවස්ථාවේ දී ඒ වරද සංයුක්ත වන්නා වූ කළේ යයි කියන ක්‍රියාවෙහි ස්වභාවය දැන සිටීමට හෝ ඒ ක්‍රියාව වැරදි ක්‍රියාවක් බව නැතහොත් නීතියට පටහැනි ක්‍රියාවක් බව දැන සිටීමට හෝ සිහිවිකලත්වය හේතුකොටගෙන ඔහුට නොහැකිව සිටීමේ හේතුව මත ඔහු නිදොස් කරන කවර අවස්ථාවක වුවද, ඔහු එම ක්‍රියාව කළේද නැද්ද යන්න තීන්දුවෙහි නිශ්චිතව සඳහන් විය යුතු බව 380 වගන්තියේ දැක් වේ. මෙහි ඇති මූලික පාඨ පෙර කී 77 වගන්තියේ මූලික පාඨ සමඟ ගැලපෙන බව ඔබට පෙනී යනු ඇත.
යම් හෙයකින් චූදිතයා සිහිවිකලභාවය මත නිදොස් කළත් අදාළ චෝදනා නැගී ඇති වරද ඔහු කළේද නැද්ද යන්න පැහැදිලිව තීන්දුවේ දැක්විය යුතු වේ. යම් හෙයකින් චූදිත වරද කළ බවක් නොපෙනේ නම් එවිට ඔහු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයෙහි ඇති 380 සිට ඉදිරියට ඇති වගන්ති විශේෂයෙන් අදාළ නොවේ. නමුත් වරද කළ බව පෙනී යයි ඒවා අදාළ වේ.
දැන් අපි යොමු වන්නේ මේ සම්බන්ධයෙන් ලංකා අධිකරණයේ තීරණය වූ නඩු තීන්දු කීපයක් සඳහා අවධානය යොමු කිරීමට ය.
King v. Vidanalage Appu – (1939) 40 NLR 505
Held – Where, in a charge of murder, the defence of insanity is set up, the burden is upon the accused to prove that he did not. know the nature of the act or that it was contrary to law.
It is not sufficient for the defence to raise a doubt in the minds of the Jury as to the sanity of the prisoner.
Where a plea of insanity is set up and the issue of insanity is left in doubt, it would be a misdirection to ask the Jury to give the accused the benefit of the doubt.
“The question in regard to the test to be applied to determine insanity, namely, whether the prisoner knew the nature of his act or that it was wrong or contrary to law was not disputed at the argument before us. But the case stated appears to ask for our decision on the sufficiency of the charge as a whole. I would, therefore, rule that the learned trial Judge directed the Jury correctly and sufficiently on what constitutes insanity in the eye of the law.”
King v. Don Nikulas Buiya – (1942) 43 NLR 385
Held – Where in a charge of murder a plea of insanity is set up, insanity must be clearly proved to the satisfaction of the Jury.
The burden is discharged, by an accused person who tenders a preponderance or balance of evidence in support of such a plea.
King v. Jayawardene – (1947) 48 NLR 497
In support of a plea of insanity evidence was led for the accused that his father, brother and sister had been insane; that the accused in his childhood had suffered from epileptic fits and that when his detection and arrest became imminent his mental condition deteriorated and he attempted to commit suicide and was subsequently adjudicated to be of unsound mind. The evidence also proved that during the thirty years he had been a public servant he had displayed no signs of mental aberration.

Held, that the evidence was insufficient to discharge the burden which lay on the accused.

Quaere, whether the defence of insanity under section 77 of the Penal Code should be established beyond reasonable doubt or whether it would be sufficient if the accused established it by a preponderance of probability or on the balance of evidence.

“It is settled law that once the Crown has established its charge against the accused beyond reasonable doubt, the burden of proving the defence of insanity under section 77 of the Penal Code is placed on the defence. There appears to be some uncertainty as to whether that burden should be established by the accused beyond reasonable doubt, or whether it would be sufficient for the accused to discharge that onus by a preponderance of probability or on the balance of evidence. The former view was expressed in the case of The King v. Abraham Appu 1[ (1939) 40 N. L. R. 505.]. This was a decision before the Court of Criminal Appeal came into existence on a case stated to a Bench of three Judges. The latter view was expressed in the case of The King v. Don Nikulas Buiya 2[(1942) 43 N. L. R. 385.]. This was a decision of the Court of Criminal Appeal. It is a question whether the later seven-Judge decision in The King v, Chandrasekera 3[(1942) 44 N. L. R. 97.] has decided which of these views should be accepted as correct. It is, however, unnecessary in the present case to express an opinion on this point because the learned trial Judge based his decision on the case of The King v. Don Nikulas Buiya (supra) and considered whether the accused had discharged the lesser burden of proof by a preponderance of probability or on the balance of evidence.
It is clear law, however, that the burden of proof is on the accused to make it clear that he was at the time he did the criminal act labouring under such unsoundness of mind as made him incapable of knowing the nature of his act or that what he was doing was either wrong or contrary to law, If the principle in The King v. Don Nikulas Buiya {supra) is applied, it was for the accused in this case to make it clear by a preponderance of probability or on a balance of the evidence that his case came within the four corners of section 77 of the Penal Code. If in attempting to establish this defence the prisoner only succeeds in involving the question of his unsoundness of mind in doubt, he his failed to discharge the burden incumbent on him, and his defence fails. In such a case there is no question of giving the prisoner the benefit of the doubt
The law is that every man is presumed to: be sane and to possess a sufficient degree of reason to be responsible for his crimes until the contrary is proved to the satisfaction of the trial Judge or the jury, and it is for the defence to make it clear that, at the time the prisoner committed the offence charged, he was labouring under such unsoundness of mind as brings his case within the provisions of section 77. If the accused merely succeeds in involving those issues in doubt he fails to discharge his burden of proof, and the defence fails.
What was it that the accused in this case had to establish in order to claim a verdict, under section 373 of the Criminal Procedure Code, of an acquittal on the ground of insanity ? He had to prove-(a) that at the time he committed the criminal act, (b) he was by reason of unsoundness of mind (c) incapable of knowing-

(i) either the nature of the act, or

(ii) that he was doing what was-
(1) either wrong, or
(2) contrary to law.
The accused could claim exemption by proving one of two alternatives., that is, either by reason of unsoundness of mind, he did not know the-nature of the act, or, by reason of unsoundness of mind, he was doing what was wrong or contrary to law.”
The Queen v. Sinnathamby. V – (1965) 68 NLR 193
In a prosecution for murder, medical evidence as to the unsound mental condition of the accused was elicited by the Judge for the first time after the accused himself had given evidence and been closely questioned by the Judge in such a way as to lead the Jury into the belief that his evidence was totally unworthy of credit. The Crown suggested no motive of any kind for the alleged murder.

Held, that the medical evidence should have been given before the accused was called to give evidence.

Held further, that, even though the defence was a total denial of the acts which caused the death of the deceased, the Judge was justified in putting the question of insanity to the Jury for them to consider in the event of their holding that it was the accused who struck the fatal blow.

P. Piyadasa v. The Queen – (1969) 73 NLR 209
The accused-appellant was convicted of murder. Although the plea of insanity was not raised at the trial, the circumstances disclosed in the evidence indicated that the killing had been done by a person of unsound mind.
Held, that it was open to the Court of Criminal Appeal to cause the accused to be subjected to psychiatric examination and, if necessary, to quash the sentence in terms of section 6 (4) of the Court of Criminal Appeal Ordinance.
Nimalaratne v. Republic of Sri Lanka – (1975) 78 NLR 51
Held, interpreting Section 77 of the Penal Code which embodies insanity, it is not sufficient for the defence to raise a doubt in the minds of the Jury. The defence has to establish that the accused did not know the nature of the act or, in the alternative, that it was contrary to law, on a preponderance of probability or on a balance of the evidence. The burden on the accused is no heavier than that resting on the plaintiff or the defendant in a civil case.
Held, further:- that it must be carefully borne in mind that, in order to succeed, the defence must establish on a preponderance of evidence that at the time the accused committed the criminal act he was in one or the other alternative states of mind set out, in Section 77 of the Penal Code.
The question of an abnormal personality due to “irresistible impulse ” discussed.
“The question of an abnormal personality due to an ” irresistible impulse ” was considered in the Privy Council case of Sodeman vs. R. reported in 1936, 2 AER at 1139. The argument of Counsel for the Petitioner was that the rule in the McNaughten case (14 Digest 56) could no longer be treated as an exhaustive statement of law in regard to insanity and that there was to be grafted upon those rules another rule that where a man knows that he is doing what is wrong, nonetheless he may be held to be insane if he is caused to do the act by ” irresistible impulse”, produced by disease.
In this case, the petitioner, a labourer, took a girl for a ride on his bicycle, strangled her, tied her hands behind her back, stuffed some of his clothing into her mouth and left her for dead. He had committed three previous murders in similar ways and the defence taken was that two Government Prison Doctors in a Department in the Mental Division gave evidence in support of the defence whilst the Crown submitted no expert evidence. Viscount Hailsham, who was associated with Lord MacMillian and Sir Isac Isaacs, held that the law with regard to insanity was stated in the McNaughten case and that there was not to be added to that statement another rule that when a man knows that he was doing wrong but was forced to do the act by an ” irresistible impulse ” produced by disease, he could rely on insanity as a defence. The House of Lords in the case of Attorney-General for the State of South Australia and Brown, reported in 1960 Appeal Cases 432, re-affirmed the view of the law stated in the case of Sodeman.”
Nandasena v. Attorney-General – (2007) 1 Sri LR 237
Held:
  • When a defence of insanity is taken under section 77 there must be evidence to prove that the accused was insane and this fact had to be proved on a balance of probability like in a civil case.
  • It is the burden of the accused to prove that he was incapable of (i) knowing the nature of the act (ii) that he is doing what is either wrong or contrary to law.
  • It is only unsoundness of mind which materially impairs the cognitive
    faculties of the mind that can form a ground of exemption from criminal
    responsibility, the nature and the extent of unsoundness of mind
    required being such as would make the offender incapable of knowing
    the nature of the act or that he is doing what is wrong or contrary to
C.A.No.175/2014 decided on 08.02.2019
“The principle that the defence of insanity should be established by the person who relies on that plea on a balance of probabilities was reiterated by this Court in Chandra and Another v Attorney General (2012) 1 Sri L.R. 119. The trial Court, therefore applied the relevant principle of law correctly.”
මේ නඩු තීන්දු සැලකිල්ලට ගත් විට සිහිවිකලභාවයේ විත්තිවාචකය සම්බන්ධයෙන් කරුණු කීපයක් හඳුනාගත හැක.
  1. සිහිවිකලභාවයේ විත්ති වාචකය අදාළ වන්නේ වරද කළ අවස්ථාවේ දී තිබූ මානසික තත්ත්වය සම්බන්ධයෙනි.
  2. චූදිතයකු විසින් සිහිවිකලභාවයේ විත්තිවාචකයේ ආවරණය ලබන්නේ නම් එය ශක්‍යතා වැඩි බර මත ඔප්පු කිරීමේ වගකීම ඇත්තේ චූදිතයාට ය.
  3. සිහිවිකලභාවයේ විත්තිවාචකය චූදිත විසින් ප්‍රකාශිතව භාවිතා කර නැත්තේ වුවද, නඩු විභාගයේ දී ඉදිරිපත් වන සාක්ෂි අනුව ඒ සම්බන්ධයෙන් කරුණු ඇත්නම් චූදිතගේ වාසියට එකී විත්තිවාචකය යෙදීම අධිකරණයේ කාර්යය වේ.
  4. ලංකාවේ දී සිහිවිකලභාවයේ විත්තිවාචකය යෙදෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 77 වගන්තිය ප්‍රකාරව ය.
පෙර දී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 380 වගන්තිය පිළිබඳව සටහන් කිරීමට යෙදුනි. යම් තැනැත්තකු වරදක් කරනු ලැබූවද සිහිවිකලභාවය හේතුවෙන් ඔහුව නිදොස් කරන්නේ නම් එය තීන්දුවේ සඳහන් කළ යුතු වේ. ඒ අනුව නිදොස් කළ තැනැත්තාව ආරක්ෂිත ස්ථානයක රැඳවීමට අධිකරණය විසින් කටයුතු කළ යුතු බව 381 වගන්තියේ දැක් වේ. එසේ නොමැතිව වරද කර ඇත්නම් සිහිවිකලභාවය හේතුවෙන් නිදොස් වූවා කියා ගෙදර යා නොහැක.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *